Search

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සමන්තා නමින් හඳුන්වාදී ඇති මෙම කාන්තාව අතුරුදන් වීමට පෙර ඒ අසලින් ගිය අයෙකු ඇයට මෝටර් රථය පණ ගන්වා ගැනීමට උදව් කරන්නට ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.

වාසගම හෙළි නොකළ 33 හැවිරිදි සමන්තා නම් කාන්තාව පසුගිය සිකුරාදා ප්‍රින්සස් හයිවේ ඔස්සේ ගමන් කරමින් සිටියදී ඇගේ මෝටර් රථය ටැම්බූන්හිදී පෙරවරු 8.15ට පමණ කැඩී ගොස් තිබෙනවා.

ඇයට සහාය වීමට මඟියෙකු නතර වූ බව විශ්වාස කෙරෙන අතර එතැන් සිට ඇය දැක නොමැති බවයි වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ.

සමන්තාට මේ වන විටත් ඖෂධ ලබා ගන්නා අසනීප තත්ත්වයක් ද ඇති අතර ඇයගේ අතුරුදහන් වීම හේතුවෙන් ඥාතීන් දැඩි කනස්සල්ලකින් පසුවන බව සඳහන්.

මෙම කාන්තාව මෙල්බර්න් බලා ගමන් කරමින් සිටින අතර මෝටර් රථය පණ ගන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිවේගී මාර්ගය ඔස්සේ පා ගමනින් යන්නට ඇති බව පොලිසිය සැක කරනවා.

සමන්තා නම් මෙම කාන්තාව පිළිබඳ තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙසටයි වික්ටෝරියා පොලිසිය ඉල්ලීමක් කරන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »