සේවා මුර ගැටලුවලදී ඔස්ට්‍රේලියානු සේවකයන්ට දැන් වැඩි සාධාරණයක්

එකග නොවන සේවා මුර සඳහා බලහත්කාරයෙන් අනුයුක්ත කෙරෙන සේවකයන්ට සිය සේවායෝජකයන් බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියට ගෙනයාමට ඔස්ට්‍රේලියාව තුළදී දැන් අවස්ථාව පවතිනවා.

කිසියම් සේවා මුරයක් සඳහා තමන් අනුයුක්ත නොකරන්නැයි ඉල්ලා සිටියද සේවා යෝජකයන් එම ඉල්ලීම පිළිනොගතහොත් සේවකයන්ට එය පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමයක් පැවතුණේ නැහැ.

කෙසේවෙතත් නව නීති අනුව එවැනි ඉල්ලීමක් ලදහොත් දින 21 ක් තුළ ඊට අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳ අවසන් තීරණයක් සේවා යෝජකයන් විසින් ලබාදිය යුතු වනවා.

සේවකයා ඊට එකග නොවන්නේ නම් දෙපාර්ශවය බේරුම්කරණ මණ්ඩලයක් හමුවට ගෙනයාමට ද එහිදී අවස්ථාව පවතිනවා.

එහිදීද එකගතාවයකට පැමිණීමට නොහැකිවුවහොත් fair work කොමිසම දක්වා ගැටලුව ගෙන යා හැකියි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »