ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

හදිසි කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ප්‍රධානි මාර්ක් වයිට්චර්ච් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු කිසිවක් වසරක් පුරා තමන් දැක නොමැති බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුමක් වන ‘දිසි රළ’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

දිසි රළ මෙහෙයුම සමුද්‍රීය වටපිටාව ආරක්ෂා කිරීමේ වගකීම අවධාරණය කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම අවස්ථාව අමතමින් වයිට්චර්ච් පැවසුවේ මිනිස් ජාවාරම් වැනි සංකීර්ණ ගැටලු සඳහා ඒකාබද්ධ විසඳුම් අවශ්‍ය බවයි.

ඊට මහ ජනතාවගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වන අතර මිනිස් ජාවාරම් මැඩලීමට ප්‍රජාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු සඳහන් කළා.

ජාවාරම්කරුවන්ට මිනිස් ජීවිතයක් පිළිබඳ වටිනාකමක් නොමැති අතර ඔවුන්ගේ එකම අවධානය ලාභ ඉපැයීමයි.

එබැවින් එවැනි සාපරාධී ක්‍රියාවන්ගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වෙහෙස නොබලා කටයුතු කරන බව මාර්ක් වයිට්චර්ච් අවධාරණය කළා.

ඒ අනුව පසුගිය වසර පුරා, ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කරන කිසිදු බෝට්ටුවක් නිරීක්ෂණය කර නොමැති අතර මෙහෙයුම් ඵලදායී බවට එමගින් ඔප්පු වෙමින් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »