
ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වී තිබෙනවා.
මේ වනවිට එහි සාමාන්‍ය නිවසක සතියක මධ්‍යයන කුළිය ඩොලර් 820 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.
එය වසර 03 කට පෙර පැවති අගයට වඩා සියයට 18 ක පමණ ඉහළයාමක් වනවා.

බොහෝ සංක්‍රමණිකයන් සිය නවාතැන බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තෝරා ගැනීමත් එයින්ද බ්‍රිස්බන් නගරය හා සාපේක්ෂව ජනාකීර්ණ බවින් අඩු ගෝල්ඩ් කෝස්ට් වෙත යොමුවීමත් මීට හේතුවයි.
කෙසේවෙතත් බොහෝ පිරිසකට සරිලන පරිදි නිවාස පහසුකම් නොමැතිවීම හමුවේයි මෙලෙස නිවාස අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වී ඇත්තේ.
