ජෙට් ස්ටාර් ගාස්තු අවස්ථා ලක්ෂ 04 ක මිළ ගණන් පහළට

අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක් සඳහා වන ගුවන් ගාස්තු කැපී පෙනෙන ලෙස පහත දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් පියවර ගෙන තිබෙනවා.

සතියක් පුරා ක්‍රියාත්මක මෙම වට්ටම් කාලසීමාවේදී ගුවන් ගමන් වෙන් කරවා ගැනීම් ලක්ෂ 04 කට පමණ මෙම අවස්ථාව උදාවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඇතැම් අභ්‍යන්තර ගුවන් ගමනාන්ත සඳහා වන ගාස්තු ඩොලර් 29 ක් වැනි ඉතා අඩු අගයකට පහළ දමා තිබීම විශේෂත්වයක්.

ඩාර්වින් – පර්ත් සහ ඇඩිලේඩ් සිට ඉන්දුනීසියාවේ බාලි දක්වා වන ගාස්තු ඩොලර් 139 ක් වැනි අගයකට අඩු කර තිබෙනවා.

නවසීලන්තය – ෆිජී – වියට්නාමය – ජපානය – තායිලන්තය – ටොංගා සහ දකුණු කොරියාවේ ඇතැම් තෝරාගත් ගමනාන්ත වෙත සිදුකරන ගුවන් ගමන් ගාස්තු ඩොලර් 165 ක් වැනි මුදලකටයි නියම කර ඇත්තේ.

ලබන බදාදා මධ්‍යම රාත්‍රියෙන් මෙම වෙන්කරවා ගැනීම් අවසන් වන අතර ලබන වසරේ ජූනි දක්වා දින වෙන් කරවා ගැනීම් සිදුකල හැකියි.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »