ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තරමක් පහළට

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තරමක් පහළගොස් තිබෙනවා.

මෙම වසරේ දෙවන කාර්තුව හෙවත් ජූනි කාර්තුවේදී පාරිභෝගික මිළ දර්ශකයේ වැඩිවීම සටහන් වන්නේ සියයට 0.8 ක් ලෙසයි.

එය පෙර කාර්තුවේදී සියයට 07 ක් ලෙස පැවති අතර ගතවූ මාස 12 සැළකීමේදී උද්ධමනය සටහන් වන්නේ සියයට 06 ක මට්ටමෙියි.

කෙසේවෙතත් පසුගිය වසරේ ජූනි මාසයේදී මෙරට උද්ධමනය පැවතුණේ සියයට 7.8 ක් ලෙසයි.

නිවාස කුළී ගාස්තු සහ ආහාර මිළ ගණන්වල සිදුවූ වැඩිවීම උද්ධමනයට මූලික හේතුන් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ගතවූ මාස 12 ක කාලය සැළකීමේදී ඔස්ට්‍රේලියානුවන් විසින් මූල්‍ය සේවා – අධ්‍යාපන – ආහාර – නිවාස – සෞඛ්‍යය – ප්‍රවාහන යන සියලු අංශ සඳහා සිදුකරන වියදම් ඉහළ දමා ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

උද්ධමනය යම්තාක් දුරකට පාලනය වී තිබීම හමුවේ පොළී අනුපාතික අගයන් එලෙසින්ම පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් විසින් මීළග රැස්වීමේදී තීරණ කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »