ඔස්ට්‍රේලියානුවන් අඩුවෙන්ම කන ආහාර ගැන නවතම වාර්තාවක් නිකුත්වෙයි

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන්  එළවලු, පළතුරු සහ කිරි අඩුවෙන්ම පරිභෝජනය කරන ආහාර බව හදුනාගෙන තිබෙනවා.

 

සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ ඔස්ට්‍රේලියානුවන් පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙවර ආහාර මිලදී ගැනීම සියයට 3.9 කින් අඩුව ඇති බවයි වාර්තා වන්නේ.

 

පුද්ගලයින්ගේ දෛනික ආහාර වේලෙහි බර ප්‍රමාණය ද ග්‍රෑම් 63කින් පහත වැටී ඇති බවද සඳහන්.

 

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන ප්‍රකාශක පෝල් ඇට්යෝ සඳහන් කළේ 2021 වසරේ සිය මෙලෙස ඔස්ට්‍රේලියානුවන්ගේ දෛනික ආහාර වේල සඳහා එක්වු එළවලු,පළතුරු සහ කිරි පරිභෝජනය ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි.

 

සමහර ආහාර පරිභෝජනය පහත වැටුණද චිප්ස්, චොකලට් සහ ක්ෂණික ආහාර පරිභෝජනය දිගින් දිගයටම ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ වැඩිදුරයත් සඳහන්.

 

තවද පසුගිය මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානුවන් සීනි සහිත පැණිරස බීම වර්ග දිනකට මිලිලීටර 134 දක්වා සීමා කර ඇති බව ද හඳුනාගෙන තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »