ටස්මේනියා සරසවි සිසුන් 500 කට $ 5,000 ක ශිෂ්‍යත්ව

ටස්මේනියා හි අමතර සරසවි සිසුන් 500 දෙනෙකුට ඩොලර් 5,000 ක් බැගින් වන වාර්ෂික ශිෂ්‍යත්ව පිරිනැමීමට ලේබර් පක්ෂය යෝජනා කර තිබෙනවා.

ඉදිරි ප්‍රාන්ත මැතිවරණය ජයගතහොත් එය ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්ත විපක්ෂ නායක රෙබෙකා වයිට් නිවේදනය කලේ.

මේ සඳහා වසරකට වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 2.5 ක්.

ආර්ථික අපහසුතා හමුවේ සරසවි අධ්‍යාපනය සඳහා අසීරුතා ඇති සිසුන්ට සහය පිණිස මෙම යෝජනාව හඳුන්වා දෙන බවද ලේබර් පක්ෂය සඳහන් කරනවා.

පාඨමාලාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නොමැතිකමින් වසරකට ටස්මේනියා හි සිසුන් 1,000 ක් පමණ සිය අධ්‍යාපන කටයුතු අතරමගදී නතර කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඩොලර් 5,000 ක මුදල පාඨමාලා ගාස්තු – ප්‍රවාහන වියදම් – නිවාස කුළී ගෙවීම සඳයා වුවද යොදා ගත හැකියි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »