ලොව හොදම Chilled-out නගර අතර මෙල්බන් නගරට 3ට


ලොව සැනසිළිදායක නගර ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරය 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.

Timeout සගරාව විසින් නිකුත්කළ නවතම වාර්තාවක් අනුව ලොව සැනසිළිදායක නගර 10 මෙලෙස නම් කර තිබුණා.

මෙල්බන් නගරය කාර්යබහුල නගරයක් වුවද, විවේකය, විනෝදාස්වාදය යන කාරනා අතින් මෙල්බන් වැසියන් ලොව අන් නගරවලට සාපේක්ෂව ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

වායූ දූෂණය, ශබ්ද දූෂණය, මිනිසුන් සතුටින් ජීවත් වීම සහ හරිත අවකාශයේ ගුණාත්මකභාවය යන සාධක මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේද ඔස්ට්‍රේලියානු නගරයක් වන අතර සිඩ්නි නගරය ලොව ජීවත්වීමේ හොදම Chilled-out city නොහොත් සැනසිලි දායන නගරය ලෙසයි නම් කර ඇත්තේ.

විශාල උද්‍යානය, ඇවිදින මන්තීරු සහ ජනතාවට විවේකීව ගතකිරීමට නගරය තුළ වූ අවස්ථාව ඉහළයෑම ද සිඩ්නි නගරය ප්‍රථම ස්ථානයට පැමිණීමට හේතු වී තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඔස්ට්‍රියාවේ වියානා නගරය පත්ව ඇති අතර ලොව අවම වායු සහ ශබ්ද දූෂණයක් සහිත නගරය ලෙසද වියානා නගරය නම් කර තිබීම විශේෂත්වයක්.

මෙහි 4වන ස්ථානයට ඇමරිකා එක්සත් ජනපදයේ හොනලුලු නගරය නම් කර ඇති අතර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය 5වන තැනට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »