ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත අනුව පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආදායම ඩොලර් 72753 පමණ වන අතර ධනවත් වීම සඳහා එම අගය පස් ගුණයකින් වැඩි විය යුතුයි.

Finder දත්ත අනුව ධනවත් බව අත්විදීම සඳහා වාර්ෂික ඉපැයීම පරම්පරා අතර වෙනස් අගයක් ගන්නා බවයි.

පුද්ගලයින් 1032 නෙකු සම්බන්ධ කරගනිමින් සිදු කළ අධ්‍යයනයේ දී හෙළිව ඇත්තේ ඩොලර් 345 819 ක වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගන්නා තෙක් තමන් ධනවත් ලෙස නොසලකන බවයි.

එම අගය අවසන් වරට සිදු කළ සමීක්ෂණ දත්ත අගයට වඩා ඩොලර් 9303ක වැඩි බව හදුනාගෙන තිබෙනවා.

භාණ්ඩාගාර දත්ත අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් වර්ධක අගය ඉහළ ගිය ද ජීවන වියදම හමුවේ එම අගය සමගාමී නොවන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »