ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.

කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් Aus Lanka TV ආයතනය විසින් සංවිධාන කරනු ලබන Aus Lanka TV Education Migration Expo වැඩසටහනට එක්වීමට නියමිතයි.

Student Visa, Sponsor Visa, Skilled Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙම වැඩසටහන මගින් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම වැඩසටහනට පැමිණෙන ආයතන විසින් ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සූදානමින් පසුවීමත් විශේෂත්වයක්.

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කර දීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය Sponsor සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

එදිනට මෙම සියලු සේවාවන් සපයනු ලබන්නේ නොමිලේ වන අතර Aus Lanka TV මාධ්‍ය ආයතනය ඒ ආකාරයෙන් වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ආයතනයක්.

මේ දිනවල ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන බැවින් නිවැරදි මාර්ගයකින් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ඔවුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය Aus Lanka TV Education Migration Expo සැලසුම් කර ඇත්තේ.

324-10 Havelock Rd, Colombo 5 හි පිහිටි Havelock City Mall හිදී මැයි මස 4 වනදා පෙරවරු 9 සිට සවස 5 දක්වා පැවත්වෙන මෙම වැඩසටහන මගින් සම්පුර්ණයෙන්ම නොමිලේ සේවාවන් ලබාදීම විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර තොරතුරු 077 3712100 අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »