මෙල්බන් 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල දකුණු ආසියානු “Sam” සොයයි

මෙල්බන් නිරිත දිග ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල දකුණු ආසියානුවෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොයින්ට් කුක් ප්‍රදේශයේදී අදාළ දැරිය මෙම අතවරයට ලක්වී ඇති බව සඳහන්.

අවුරුදු 25 ක් පමණ වන සැකකරු ඉන්දීය ජාතිකයෙකු හෝ දකුණු ආසියානු රටක පුරවැසියෙකු විය හැකි බවටයි අනුමාන කර ඇත්තේ.

සැකකරු විසින් තමා සෑම් (Sam) යන නාමයෙන් වින්දිත දැරියට හඳුන්වාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහුගේ ඡායාරූපය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් වෙතොත් 1800 333 000 අංකය හරහා දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »