Search

ඔස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවලදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනයට සාකච්ඡා

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි අංශ සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

අදාළ ක්‍රීඩා ජර්සි ඇතුලු දෑ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳ නාමය ඇතුළත් කිරීම පිළිබඳවයි මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වන ජීවීන්, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩාලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ සොහොයුරා වන ජේසන් වෝන් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙල්බර්න් නුවර පැවති උත්සවයකට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »