මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ලාබදායි ගුවන් සේවයක් වන බොන්සා සමාගම ගත් පියවර හේතුවෙන් අතරමං වූ මගීන්ට උපකාර කරන ලෙසටයි රජය වර්ජින් ඔස්ට්‍රේලියා සහ ක්වන්ටාස් යන දෙඅංශයෙන්ම ඉල්ලා ඇත්තේ.

Bonza විසින් අද දින ක්‍රියාත්මක වීමට නියමිත සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනට සාකච්ඡා වෙමින් පවතින බව ප්‍රධාන විධායක නිලධාරී ටිම් ජෝර්ඩන් ප්‍රකාශ කළා.

තම තීරණය හේතුවෙන් බලපෑමට ලක් වූ පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද සිටින අතර ඉදිරි පියවර තීරණය කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර බොන්සා ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවන්ට පත්වූ මගීන්ට නිවසට යාමට අවශ්‍ය උපකාර කිරීමට ක්වාන්ටාස් සහ වර්ජින් සමාගම් දෙකම සූදානම්ව සිටින බව ප්‍රවාහන අමාත්‍ය කැතරින් කිං ප්‍රකාශ කළා.

Melbourne ගුවන් තොටුපළ තුළ ද Bonza විසින් සියලුම සේවාවන් අත්හිටුවා ඇති අතර විකල්ප සොයා ගන්නා ලෙස මගීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »