උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

විදුලිබල පද්ධතියට ද අමතර පීඩනයක් මතු වනු ඇති බවටයි මෙම රටවල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

සිංගප්පූරුව වැනි ඇතැම් රටවල උෂ්ණත්වය පසුගිය වසරට වඩා මෙවර ඉහළ යා හැකි බවට ද පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය දිනවල අධික රුධිර පීඩනය සහ ක්ලාන්තය වැනි රෝගී තත්වයන් සිසුන්ට සහ ගුරුවරුන්ට මතුවීම හේතුවෙන් පිලිපීන බලධාරීන් පාසල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

ඉදිරි දින තුන තුළ පිලිපීනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

පිලිපීන කාලගුණ ඒජන්සිය පැවසුවේ ශරීරයට දැනෙන සැබෑ උෂ්ණත්වය වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 45ක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර තායිලන්තයේ, බැංකොක් ඇතුලු ප්‍රදේශ රැසක උෂ්ණත්වය අංශක 40 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර කාලගුණ විද්‍යා ඒජන්සිය ජනතාවට දැනුම් දී ඇත්තේ දිගු කාලයක් එළිමහනේ සිටීමෙන් වළකින ලෙසටයි.

පසුගිය 22 වනදා උතුරු ලම්පෑන්ග් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.2 දක්වා ඉහළ ගිය අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳුදා ප්‍රකාශ කළේ අධික උණුසුම මේ සතියේ දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

පසුගිය මාසය තුළ තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ තාප ආඝාතයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇති බවයි.

මීට අමතරව වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල ද අධික උණුසුම පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ උණුසුම් උෂ්ණත්වය හේතුවෙන් ඩෙංගු උණ ඉහළ ගොස් ඇති අතර වාර්තා වන රෝගීන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »