ඔස්ට්‍රේලියානුවන්ගෙන් 2/5 ක් නොසැළකිල්ල නිසා $ සිය ගණනක් අහිමිකර ගනී

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/5 ක් හෙවත් මිලියන 8.3 ක් පමණ නොසැළකිල්ල හමුවේ වාර්ෂිකව ඩොලර් සිය ගණනක් අහිමි කරගන්නා බව නවතම අධ්‍යයනයකදී හෙළිකරගෙන තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ පසුගිය මාස 12 තුළදී ඔවුන් අවම වශයෙන් එක් අත්වැරදීමක් හෝ සිදුකර ඇති බවයි.

නව ජංගම දුරකථන සැළසුමක නොමිළයේ අත්හදා බැලීම් කාලය (Free trial) අවසානවීමෙන් පසුවද එය අක්‍රීය කිරීමට අමතක වන ප්‍රතිශතය සියයට 17 ක් ලෙස මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

මිළයට ගත් හෝ ලැබුණු Gift Card එකක වලංගු කාලය අවසන් වීමට පෙර භාවිත නොකරන ප්‍රතිශතය සියයට 14 ක් වන අතර පැකේජයේ නියමිත Data ප්‍රමාණය ඉක්මවා භාවිත කරන ප්‍රතිශතය සියයට 13 ක්.

මෙලෙස නොසැළකිල්ල හමුවේ වසරකදී ඇතැමුන් වියදම් කරගන්නා මුදල ඩොලර් 1,000 ද ඉක්මවන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »