
ඔස්ට්‍රේලියාව පුරා දැනට පවතින ඉහළ නිවාස කුළී ගාස්තු අගයන් පහළයාම ලබන වසරේ සිට ආරම්භ වනු ඇති බවට සුබවාදී බලාපොරොත්තුවක් පළවී තිබෙනවා.
පොළී අනුපාතික අගයන් ඉහළ යාම පාලනයට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පියවර ගැනීමත් උද්ධමනය නැවත යථා තත්වයට පත්වනු ඇති බවට වාර්තා පළවීමත් ඊට හේතුවයි.
ඉදිරි මාස කිහිපය තුළ මෙරට අගය සියයට 4.6 ක උපරිම අගයකට පැමිණ නැවත ක්‍රම ක්‍රමයෙන් අඩුවීම ආරම්භ වනු ඇති බවටයි ප්‍රධාන බැංකු සියල්ලම පාහේ මේ වනවිට අනාවැකි පළකර ඇත්තේ.

විරැකියාව අඩුවීමට පටන්ගෙන තිබීමද සුභවාදී ලක්ෂණයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී ගාස්තු ඉහළගොස් එම වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතුව ප්‍රමාණය ඉක්මවා විදෙස් සිසුන් ගෙන්වා ගැනීම බවට ස්වාධීන ආයතනයක් පසුගියදා චෝදනා කලා.

නිවාස ගැටලූව කඩිනමින් විසඳීමට පියවර නොගතහොත් 2028 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස 252,000 ක පමණ උග්‍ර හිගයක් නිර්මාණය වනු ඇති බවටයි මෙම වාර්තාව අනතුරු අගවා සිටියේ.