විෂයන් අසමත් වන සරසවි සිසුන්ටත් ශිෂ්‍ය ණය ඉල්ලුම් කිරීමේ වරම්

විභාග අසමත් වන සරසවි සිසුන් ශිෂ්‍ය ණය සඳහා අයදුම් කිරීම වළක්වාලීමේ නියමයන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

පාර්ශව රැසක අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කලේ.

හදාරන විශයන් අතුරින් අඩකට වඩා අසමත් වන විශ්ව විද්‍යාල සිසුන්ට ණය පහසුකම් නොදීමට 2020 වසරේදී තීරණයක් ගනු ලැබුවේ එවක පැවති ස්කොට් මොරිසන් රජය විසිනුයි.

මේ අතර ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ සිටින උපාධියක් සහිත ප්‍රතිශතය දැනට පවතින සියයට 36 සිට 2050 වසර වනවිට සියයට 55 දක්වා වැඩිවනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව Regional ප්‍රදේශවල සිසුන්ට සරසවි අධ්‍යාපනය සඳහා ඇති බාධක ඉවත් කිරීමටයි ෆෙඩරල් රජය සූදානම් වන්නේ.

ඊට අදාළ යෝජනා ඇතුළත් වාර්තාවක් වසර අවසානය වනවිට අධ්‍යාපන ඇමතිවරයා වෙත භාරදීමටද නියමිතයි.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »