වික්ටෝරියා තරුණ අපරාධකරුවන් මර්දනයට අමතර බලතල ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ අපරාධකරුවන් මර්දනයට අමතර බලතල ලබාදෙන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් ෂේන් පැටන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් අවුරුදු 10 ත් 13 ත් අතර පිරිස් අත්අඩංගුවට ගැනීමේදී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා හි අවම අපරාධ වයස අවුරුදු 10 සිට 12 දක්වා ඉහළ නැංවීමට පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රාන්ත සභාව අනුමැතිය ලබාදුන්නා.

2027 වසර වනවිට එය අවුරුදු 12 සිට 14 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මෙම තත්වය හමුවේ අවුරුදු 10 වැනි වයස්වල සිටින දරුවන් අපරාධ සඳහා සෘජුව සම්බන්ධ වූවිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය අසීරු බවයි වික්ටෝරියා පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් බාල අපරාධ සඳහා යොමුවීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන් වුණා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »