රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

රියදුරන් 933 දෙනෙකු යොදාගෙන Finder ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකට අනුව අනාවරණය වන්නේ රියදුරන් අතුරින් සියයට 55 ක් පමණ ගතවූ මාස 12 තුළදී සිය රක්ෂණ වාරිකය ඉහළගොස් ඇති බවට අදහස් දක්වා ඇති බවයි.

සියයට 11 ක් ඒ පිළිබඳ දැනුවත් නොමැති අතර සියයට 06 ක් තමන් වාහන රක්ෂණාවරණයක් ගෙන නොමැති බවට පවසා තිබුණා.

වාහන රක්ෂණ වාරිකය ගෙවීම තමන් මුහුණදෙන ප්‍රධානම ගැටලු 03 න් එකක් බවට පවසා තිබූ ප්‍රතිශතය සියයට 09 ක්.

එමෙන්ම වාහන අමතර කොටස් මිළ ගණන් ඉහළයාමද රියදුරන්ගේ මූලික ගැටලු අතර වන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »