
සිඩ්නි වරාය පාලස අසළ ඇති Me-Mel හෙවත් ගෝට් අයිලන්ඩ් දූපතේ හිමිකාරීත්වය නැවතත් ස්වදේශික ජනතාවට පිරිනැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඩොලර් මිලියන 43 ක මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුවයි මෙලෙස එම දූපතේ හිමිකාරීක්වය පවරා දීමටයි නියමිතව ඇත්තේ.
මෙම දූපතේ සංචාරක – සංස්කෘතික ඇතුලු කටයුතු ප්‍රවර්ධනය කිරීමටද ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.

දිගු කාලයක සිට පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි මෙලෙස ගෝට් අයිලන්ඩ් හි භාරකාරීත්වය යළිත් ස්වදේශික ජනතාව වෙත පිරිනැමීමට නියමිතව ඇත්තේ.
