$ ට්‍රිලියන 03 ඉක්මවූ පළමු සමාගම බවට “ඇපල්” පත්වෙයි

වෙළඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 03 ඉක්මවූ ලොව පළමු සමාගම බවට සුප්‍රකට ඇපල් සමාගම පත්වී තිබෙනවා.

ඊයේ දිනයේදී අමෙරිකානු කොටස් වෙළඳපොළ ගණුදෙනු අවසන් වනවිට ඔවුන්ගේ කොටස් අගය සියයට 2.3 කින් ඉහළගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මේ වනවිට ඇපල් සමාගමේ එක් කොටසක වටිනාකම ඩොලර් 194 ක් පමණ වන අතර ඔවුන්ගේ සමස්ත වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.04 ක්.

මෑතකදී හඳුන්වාදුන් නව තාක්ෂණික උපාංග මීට ප්‍රධාන හේතුව බවයි පැවසෙන්නේ.

ඇපල් සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 02 ඉක්මවා ගියේ මීට වසර 02 කට ඉහතදීයි.

දැනට ලොව වෙළඳපොළ වටිනාකම වැඩිම සමාගම් අතර 02 වන ස්ථානයේ පසුවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »