අද සිට වික්ටෝරියා පොදු මගී ප්‍රවාහන ගාස්තු ඉහළට

MELBOURNE

අද සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දමා තිබෙනවා.

මේ අනුව දැනට දෛනික පවතින ඩොලර් 09.20 ක MyKi ගාස්තුව ඩොලර් 10 ක් දක්වා වැඩි වනවා.

එක් ගමනක් සඳහා වන ගාස්තුව ඉහළ යනු ඇත්තේ ඩොලර් 04.60 සිට ඩොලර් 05 ක් දක්වායි.

මීට සමගාමීව V/Line සේවා ගාස්තුද ඉහළ යනු ඇති.

ඒ අනුව සති අන්ත ප්‍රවේශපත්‍රයක ගාස්තුව ඩොලර් 06.70 සිට ඩොලර් 07.20 දක්වාද එක් ගමනක් සඳහා වන ගාස්තුව ඩොලර් 03.35 සිට ඩොලර් 03.60 ක් දක්වාද ඉහළ යාමට නියමිතයි.

පසුගිය ජනවාරි පළමුවනදා ද වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දමනු ලබුවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නව රථවාහන කැමරා මගින් හඳුනාගන්නා වැරදි කරන රියදුරන්ට අද සිට ඩොලර් 577 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් නියම කෙරෙනු ඇති.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »