
තාවකාලික පුහුණු ශ්‍රමිකයන් සඳහා වන අවම වැටුප අද සිට ඉහළයාමට නියමිතයි.
ඒ අනුව සේවායෝජකයෙකු විසින් අනුග්‍රාහකත්වය සපයන පුහුණු ශ්‍රමිකයෙකු වෙනුවෙන් මෙතෙක් පැවති ඩොලර් 53,000 ක අවම වාර්ෂික වැටුප අද සිට ඩොලර් 70,000 දක්වා වැඩිවනු ඇති.
මේ අතර අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සංචාරක වීසා අයදුම්පතක් සඳහා වන ගාස්තුව ඩොලර් 190 ක් දක්වාද – සහකරු හෝ සහකාරිය (dependent) සඳහා වන වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 8850 ක් දක්වාද ඉහළ යනු ඇති.
ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව අද සිට ඉහළ දමා ඇත්තේ ඩොලර් 710 ක් දක්වායි.

සංක්‍රමණික පුහුණු ශ්‍රමික වීසා අයදුම්පතක් සඳහා අය කෙරෙන ගාස්තුව ඩොලර් 4640 ක් බවට පත් වනවා.
පුරවැසිභාවය අයදුම්කරන අයදුම්පතක් සඳහා අද සිට ඩොලර් 540 ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.