
ප්‍රාන්ත 03 ක ලක්ෂ 06 කට ආසන්න පදිංචිකරුවන්ට සියයට 20 ත් 24 ත් අතර අගයකින් විදුලි ගාස්තු වැඩි කිරීම අද සිට බලාත්මක වනවා.
නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට මෙම විදුලි බිල් ඉහළයාම බලාත්මකයි.
එම ප්‍රාන්තවල සුලූ පරිමාණ ව්‍යාපාරික හිමියන්ට සියයට 15 ත් 25 ත් අතර විදුලි ගාස්තු වැඩි කිරීමකට මුහුණදීමට සිදුවනු ඇති.

වෙනම ගාස්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල ද විදුලි ගාස්තු ඉදිරි මාසවලදී සියයට 30 කින් පමණ ඉහළයාමට නියමිතයි.
ඒ අනුව වික්ටෝරියා හි නිවසක වාර්ෂික විදුලි ගාස්තුව ඩොලර් 426 කින් පමණ සහ ව්‍යාපාරික ස්ථානවල විදුලි ගාස්තු ඩොලර් 1740 කින් පමණ වැඩිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එක් එක් ප්‍රාන්තය අනුව විදුලි බිල්පත් සහනද අද සිට ක්‍රියාක්මකයි.
ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දුෂ්කරතා ඇති පවුල් සඳහා විදුලි බිල්පත් ආධාර වශයෙන් ඩොලර් 1,072ක් ලැබෙනු ඇති.
සුදුසුකම් ලත් වික්ටෝරියානු ප්‍රාන්තයේ පවුල්වලට හිමිවන දීමනාව ඩොලර් 250 ක්.
නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවල සුදුසුකම් ලබන පවුල් සඳහා විදුලි බිල්පත් වෙනුවෙන් ඩොලර් 500 ක දීමනාවක් ලැබෙන අතර බටහිර
ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සහ නොදර්න් ටෙරිටරියේ සිටින පවුල් වලට ඩොලර් 175 ක දීමනාවක් ලැබෙනු ඇති.
මේ අතර ACT හි පවුල් සඳහා හිමි වන සම්පූර්ණ විදුලි බිල්පත් සහන දීමනාව ඩොලර් 175 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ. පරිමාණ ව්‍යාපාර මිලියනයක් පමණ ඩොලර් 650 ක් දක්වා ගාසතු සහනයකට හිමිකම් කියනු ඇති.