Superannuation – Aged Care – Child Care අද සිට වෙනස්කම් මෙන්න

අද සිට ඕස්ට්‍රේලියානුවන්ට හිමිවන දීමනා කිහිපයක ඉහළයාමක් සිදුවනවා.

ඒ අනුව මෙරට අවම වැටුප සියයට 8.6 කින් වැඩිවන අතර සතියක අවම වැටුප ඩොලර් 882.80 ක් හෝ පැයකට ඩොලර් 23.23 ක් දක්වා ඉහළ යනු ඇති.

වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට තම Superannuation ගිණුමෙන් බදු රහිත විශ්‍රාම ආදායම් ගිණුම වෙත ගෙන යා හැකි මුදල තවත් ඩොලර් ලක්ෂ දෙකකින් වැඩි කිරීමද අද සිට බලාත්මකයි.

ඒ අනුව මීට පෙර ඩොලර් මිලියන 1.7 ක් වූ එම මුදල අද සිට ඩොලර් මිලියන 1.9 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

Superannuation අරමුදල සඳහා සේවායෝජකයන් විසින් දායකවන ප්‍රතිශතය මෙතෙක් පැවති සියයට 10.5 සිට අද සිට සියයට 11 දක්වා ඉහළයාමට නියමිතයි.

Aged care ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ගේ වැටුප් අද සිට 15% කින් වැඩිකරන බවට පසුගිය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අය වැයේදී ප්‍රකාශ කෙරුණා.

මේ අනුව Aged care ක්ෂේත්‍රයේ හෙදියන්ට වසරකට අමතර ඩොලර් 10,000 ක් උපයා ගත හැකි අතර personal care සේවකයින්ට වසරකට අමතර ඩොලර් 7,000 ක් උපයා ගත හැකි වනු ඇති.

වසරකට ඩොලර් 80,000 ට වඩා අඩුවෙන් උපයන පවුල් වලට child care ගාස්තුවලින් 90% ක් දක්වා සහනාධාරයක් ලබාගැනීමටද අද සිට අවස්ථාව උදාවනවා.

එමෙන්ම Child care සහනාධාර සඳහා සුදුසුකම් ලබන පවුලක උපරිම ආදායම ද ඩොලර් 346,000 සිට ඩොලර් 530,000 දක්වා ඉහළ දැමීම අද සිට බලාත්මකයි.

ඒ අනුව පවුල් මිලියන 1.2 ක් පමණ Child care සඳහා අද සිට අඩු මුදලක් ගෙවීමට නියමිතව තිබෙනවා.

අලුත උපන් බිළිඳුන්ගේ දෙමව්පියන්ට හිමිවන වැටුප් සහිත නිවාඩු ප්‍රමාණය අද සිට සති 20 ක් දක්වා ඉහළයාමද බලාත්මකයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »