එක්දින ලෝක කුසලාන සුදුසුකම් තරග අද සිට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද සිම්බාබ්වේ හිදී ආරම්භ වනවා.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

කණ්ඩායම් 10 ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදින අතර අදාළ තරග 34 හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදිනවා.

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යි තරග වදින්නේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙනවා.

එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට දහවල් 12.30ට ආරම්භ වනු ඇති.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »