ප්‍රාන්ත 03 ක ආසියානු වෙළඳසැල්වල හතු විශේෂයක් ආපසු කැඳවයි

ප්‍රාන්ත 03 ක විශේෂයෙන් ආසියානු වෙළඳසැල් වල අලෙවි කරන හතු (බිම්මල්) විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල අලෙවි කරන Enoki mushrooms නම් නිෂ්පාදනයයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

මීට බලපා ඇත්තේ අදාළ නිෂ්පාදනයෙහි ලිස්ටීරියා නම් මාරාන්තික බැක්ටීරියාව වර්ධනය වීමේ අවධානම හේතුවෙනුයි.

ජූලි 15 වනදා කල් ඉකුත්වීමේ දිනය සහිතව දකුණු කොරියාවේ මෙම ආහාර වර්ගය වෙළඳපොළට නිකුත් කර තිබුණා.

කිසියම් අයෙකු දැනටමත් මෙම වර්ගය මිළයට ගෙන ඇත්නම් පරිභෝජනය නොකර වහා ඉවත දමන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »