
මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ට්‍රේලියාව තුළ එල් නිනෝ දේශගුණ විපර්යාස තත්වයක් ඇතිවීමේ අවධානම සියයට 70 ක් වැනි ඉහළ අගයක පවතින බව කාළගුණ විද්‍යා කාර්යාංශය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.
ඒ අනුව ශීත සෘතුව මෙන්ම අනතුරුව එළඹෙන වසන්ත සමයේදීත් ඉතා වියළි සහ වර්ෂාව අඩු කාළගුණ තත්වයක් අපේක්ෂා කල හැකි වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්තවලට මෙම තත්වය වැඩි වශයෙන් බලපානු ඇති බවද රටේ 2/3 ක පමණ සාමාන්‍ය උෂ්ණත්වය වෙනදාට වඩා වැඩි අගයක් ගනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

අවසන්වරට ඔස්ටේ්‍රලියාව තුළ එල් නිනෝ තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ 2019 / 2020 වකවානුවේදීයි.
මෙවර ශීත සෘතුව ආරම්භයේදී ප්‍රමාණවත් හිමපතනයන් නොලැබීමෙන් ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප රැසක් විවෘත කිරීම ප්‍රමාද වන බව ඊයේ තහවුරු වුණා.
