වසර 11 ට පසු ඔස්ට්‍රේලියාවේ cash rate අගය 04% ඉක්මවයි

වසර 11 ට පසු පළමු වරට ඔස්ට්‍රේලියාවේ cash rate අගය සියයට 04 ඉක්මවා යන පරිදි ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාතික ඉහළ දමා තිබෙනවා.

මේ අනුව සියයට 3.85 ක් ව පැවති cash rate අගය සියයට 0.25 කින් ඉහළ දමා ඇති අතර එය සියයට 4.1 දක්වා ඉහළ යනු ඇති.

අවසන් වරට මෙරට cash rate අගය සියයට 04 ඉක්මවා සටහන් වූයේ 2012 වසරේදීයි.

මෙම පොළී ඉහළ දැමීමත් සමග ඩොලර් ලක්ෂ 06 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකය ඩොලර් 97 කින් ඉහළ යාමට නියමිතයි.

අද සිදුකල පොළී අනුපාතික ඉහළ දැමීමත් සමග එක් එක් ප්‍රධාන බැංකුව විසින් සිය පොළී අනුපාතික ඉහළ දමන දිනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති.

මේ අතර 12 වන වරටත් සිදුකල පොළී අනුපාතික වැඩි කිරීමත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »