ඔස්ට්‍රේලියාවේ ටික්ටොක් භාවිතය ගැන පළමුවරට නිල වාර්තාවක්

ඔස්ට්‍රේලියාව තුළ සිටින ටික්ටොක් පරිශීලකයන් සම්බන්ධයෙන් නිල තොරතුරු පළමුවරට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මාසයක කාලයක් තුළදී ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් සියයට 30 ක් හෙවත් ලක්ෂ 85 කට ආසන්න පිරිසක් ටික්ටොක් සමාජ ජාලය භාවිත කරන බවයි අනාවරණය වන්නේ.

ඉන් 350,000 කට ආසන්න පිරිසක් ව්‍යාපාරික අරමුණු මත ටික්ටොක් භාවිත කරන්නන් බවද සඳහන්.

එයින්ද බහුතරය අවන්හල් සහ ආහාර කර්මාන්තයට අදාළ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ටික්ටොක් භාවිත කරන බවයි තහවුරු වී ඇත්තේ.

රජයේ කටයුතු සම්බන්ධ රාජකාරි ජංගම දුරකථන ඇතුලු උපාංගවල ටික්ටොක් භාවිතය තහනම් කරමින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සති කිහිපයකට පෙර නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »