Search

Qantas app සේවාව ගැන පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

ක්වාන්ටාස්හි මොබයිල් ඇප් සේවාව මගින් සිදු වූ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

නිවේදනයක් නිතුත් කරමින් සමාගම කියා සිටියේ අදාළ ගැටලුව සයිබර් ආරක්ෂණය සම්බන්ධ සිද්ධියක් බවට අනතුරු ඇඟවීමක් නොවන බවයි.

යොදුමෙහි නවතම අප්ඩේට් කිරීමෙන් පසු මෙම දෝෂය මතුව ඇති අතර ඒ සියල්ල මේ වන විට යථා තත්වයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්වන්ටාස් ප්‍රකාශකයෙකු ද පැවසුවේ එය තාක්‍ෂණික ගැටළුවක් නිසා ඇති වූවක් බව වත්මන් පරීක්ෂණවලින් පෙනී යන බවයි.

පරිෂිලකයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ක්වාන්ටාස් ස්මාර්ට් ෆෝන් යොදුමට නොහැකි වන බවට සැලවීමත් සමග පාරිභෝගිකයින් එම යෙදුමෙන් ඉවත්ව ඇති බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ක්වන්ටාස් සමාගම ජනතවට දැනුම් දී ඇත්තේ පෞද්ගලික ගිණුම් සඳහා වෙනත් අයෙකුට ප්‍රවේශ වීමට අවස්ථාවක් නොමැති අතර ඒ පිළිබඳ අවිනිශ්චිත තත්වයක් මතුවන්නේ නම් සමාගමේ හදිසි සේවා හා සම්බන්ධ වන ලෙසටයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »