ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

ඖෂධීය ගංජා ඉරුවාරදය, පිළිකා ආශ්‍රිත රෝග ලක්ෂණ, අපස්මාරය සහ නිදන්ගත වේදනාව ඇතුළු රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ෆෙඩරල් නීතිය අනුව ඖෂධීය කේරල ගංජා ලබා ගත හැක්කේ වෛද්‍යවරයෙකු මගින් වන අතර සම්මත බෙහෙත් වට්ටෝරුවක් ද සමගයි.

අදාළ පාඨමාලාව වසර 2ක් කාලයක් පවතින අතර එය සාර්ථකව නිම කරන සිසුන් සඳහා බලපත්‍ර සහිතව ඖෂධීය කේරල ගංජා කර්මාන්තයේ නියැලීමට හැකිවනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා කර්මාන්තයේ වාර්ෂික වටිනාකම ඩොලර් මිලියන 250කට වැඩි වන අතර ඉදිරි වසර 5ක කාලසීමාව තුළ සෑම වසරකම එහි අගය සියයට 40ක වර්ධනයක් අපේක්ෂා කරන බවද සඳහන්.

මේ අතර 2028 වසර වන විට රෝගීන් 250000 කට වඩා වැඩි පිරිසක් වෛද්‍ය සේවා තුළ ඖෂධීය ගංජා භාවිතා කරනු ඇතැයි වික්ටෝරියානු සෞඛ්‍ය අංශ පුරෝකතනය කර තිබෙනවා.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »