ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සංක්‍රමණිකයින්ට පමණක් නොව ඔස්ට්‍රේලියානුවන්ටද රජයේ නිල විසා ක්‍රමවේදයන්ට පමණක් අනුගත වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ සදහා ඔස්ට්‍රේලියානු රජයේ නිල Electronic Travel Authority එනම් AustraliaETA app එක පමණක් භාවිත කර තොරතුරු ලබා ගන්නා ලෙස දැනුම් දෙනවා.

AustraliaETA යෙදුම ඕනෑම apple හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ඔස්සේ download කරගැනීමේ හැකියාව පවතිනවා.

එම යෙදුම හරහා පහසුවෙන් කඩිනම් විසා ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුගත විය හැකි අතර වීසා වංචා වන් හේතුවෙන් සිදුවන මුල්‍ය වංචා අවම කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයක්.

තවද තම අනන්‍යතාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවන අතර පෞද්ගලික දත්ත හුවමාරුවීමක් ද මෙමගින් සිදු නොවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »