වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.
මෙල්බර්න්හි මධ්‍යම වෙළඳ නගරයේ සිට කිලෝමීටර් 46 ක් දුරින් පිහිටි ක්ලයිඩ් නෝර්ත් ප්‍රදේශය නව ගොඩනැඟිලි ඉදි කරමින් වේගයෙන් සංවර්ධනය වුව ද දුරකථන සංඥා ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශයෙන් නිවාස මිලදී ගත් ඇතමුන් පවසන්නේ දුරකථන සංඥා නිසි පරිදි නොමැති වීම හේතුවෙන් ඥාතීන් සමග සම්බන්ධ විමට හෝ නොහැකි වී ඇති බවයි.
එමෙන්ම මෙම තත්ත්වය මත තමන්ට අනාරක්ෂිත බවක් ද හැඟෙන බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.
දුරකථන සංඥා හෝ යටිතල පහසුකම් නොමැති බව දැන සිටියේ නම් මෙම ප්‍රදේශයේ නිවස මිලදී නොගන්නා බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මෙම තත්වයට විසඳුමක් ලෙස ක්ලයිඩ් සහ ක්ලයිඩ් නෝර්ත් ප්‍රදේශවලට සේවා සැපයීම සඳහා නව මූලස්ථාන දෙකක් සහ පවතින කුළුණක යාවත්කාලීන කිරීමක් ඇතුළුව ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වන බව ටෙල්ස්ට්‍රා සමාගම ප්‍රකාශ කළා.
ක්ලයිඩ් නැගෙනහිර ප්‍රදේශයේ නව ජංගම දුරකථන මධ්‍යස්ථානයක් මැයි මාසයේදී ඉදිකරන අතර මෙම වසරේ ජුනි මස අවසන් වන විට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කළේ.