Search

ඔස්ට්‍රේලියා ණය වාරික හිමියන්ට වැදගත් තීරණයක් අද

ඔස්ට්‍රේලියාවේ ණය වාරික හිමියන් මිලියන ගණනකට බලපාන තීරණයක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දහවල් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජූනි මාසයට අදාළ cash rate අගය තීරණය කිරීමට බැංකුවේ විධායක මණ්ඩලය අද රැස්වනු ඇති.

ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළකරන්නේ දැනට සියයට 3.85 ක් ලෙස පවතින cash rate අගය බොහෝදුරට සියයට 04 ඉක්මවා යන තීරණයක් මෙහිදී ගැනෙනු ඇති බවයි.

උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළගොස් තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වනවා.

කිසියම් අයුරකින් අගය අද දිනයේදී cash rate සියයට 0.25 කින් වැඩි කෙරුණහොත් ඩොලර් ලක්ෂ 06 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට වසරකට ගෙවීමට සිදුවන වාරිකවල අමතර මුදල ඩොලර් 17,000 ක් දක්වා ඉහළ යනු ඇති.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »