
ලබන ජූලි පළමුවනදා සිට student වීසා ලාභීන්ට අර්ධකාලීන රැකියාවල නිරතවිය හැකි පැය ගණන යළි සීමා කිරීමත් සමග සිසුන්ගේ මානසික පීඩනය ඉහළ යා හැකි බවට විද්වතුන් අනාවැකි පළකරනවා.
නිවාස කුළී – ආහාර වියදම් – ප්‍රවාහන ගාස්තු වැනි සියල්ලෙහි අගයන් ඉහළගොස් ඇති බැවින් වියදම් ආවරණය ගැනීමේ අපහසුතාවය ඊට හේතුවයි.
cash in hand ක්‍රමයට මුදල් ගෙවන රැකියාවල නිරතවන ජාත්‍යන්තර සිසුන්ට මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළදී ජාත්‍යන්තර සිසුන්ට අර්ධ කාලීන රැකියාවල නිරතවිය හැකි පැය ගණන සති 02 කට පැය 40 ක් ලෙස පැවති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී එම සීමාව ඉවත් කෙරුණා.
කොවිඩ් වසංගතයත් සමග ඇතිවූ උග්‍ර සේවක හිගය හමුවේ ඇතැම් සේවා පවත්වාගෙන යාමේදී ඇතිවූ ගැටලු ඊට හේතුවයි.

කෙසේවෙතත් ලබන ජූලි 01 වනදා සිට නැවතත් ඒ සඳහා සිමා පැණවෙන අතර ඒ අනුව එදින සිට student වීසා ලාභීන්ට රැකියා කල හැකි වනුයේ සති 02 කට උපරිම පැය 48 ක් පමණයි.