
වෛද්‍යාධාර හෝ ප්‍රතිකාර සඳහා ගමන් වියදම් ලෙස ලැබෙන මුදල ඉහළ දමන්නැයි regional ප්‍රදේශවල වාසය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉල්ලීමක් කරනවා.
දැනට ක්‍රියාත්මක වනුයේ 2012 වසරේදී අනුමත කරන ලද ගෙවීම් ක්‍රමයක් වන අතර එහිදී එක් රාත්‍රියක පහසුකම් සඳහා හිමිවන්නේ ඩොලර් 60 ක උපරිම මුදලක් පමණයි.
කෙසේවෙතත් නවාතැන් ගාස්තු – ආහාර – ඉන්ධන සහ ප්‍රවාහන වියදම් ඉහළයාමත් සමග මේ වනවිට එම මුදල කිසිදු ආකාරයකින් ප්‍රමාණවත් නොවන බව සඳහන්.

දුෂ්කර ප්‍රදේශවල ඔසුසැල් හෝ වෛද්‍යවරයෙකු වෙත යාමට ඇතැම්විට දීර්ඝ කාලයක් ගතවන බැවින් එම මුදල වහා ඉහළ දැමිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජයන් මට්ටමින් මේ පිළිබඳ අවධානය යොමුකල යුතු බවයි regional ප්‍රදේශවල වාසය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉල්ලීමක් කරන්නේ.
