ශ්‍රම සූරාකෑමට ලක්වන ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට නව නීති

සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ශ්‍රමය සූරා කෑම වැළක්වීම සඳහා ෆෙඩරල් රජය විසින් සකස් කල නීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම යෝජිත වෙනස්කම් මගින් යමෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි කඩ කරන ලෙස බල කිරීම සාපරාධී වරදක් බවට පත් කෙරෙනු ඇති.

තාවකාලික වීසා මත සිටින සංක්‍රමණිකයින්ගේ ශ්‍රමය සූරා කන ලද සේවා යෝජකයින්ට දඩුවම් වැඩි කිරීමට මේ හරහා බලතල හිමිවනවා.

ශ්‍රමය සූරාකෑමේ හැසිරීම් පැමිණිලි කරන පුද්ගලයින්ගේ පැමිණිලි නොසලකා හරින සංක්‍රමණ නීතියේ කොටසක් ද මේ හරහා අවලංගු වනු ඇති.

මෙම නීති සම්මත වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වරට, සංක්‍රමණික සේවකයින්ට ඔවුන්ට සිදුවන වැටුප් අක්‍රමිකතා ආරක්ෂිතව පැමිණිලි කළ හැකිවීම විශේෂත්වයක්.

වීසා අවදානමකින් තොරව ඔවුන් සූරාකන සේවා යෝජකයන්ගෙන් ඉවත්වීමටද මේ හරහා අවස්ථාව පවතිනවා.

මෑත කාලීන සංක්‍රමණිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ඔස්ට්‍රේලියාවේ අවම වැටුපට වඩා අඩු මුදලක් ගෙවන බවටයි හෙළිවී ඇත්තේ.

වීසා සඳහා වන සේවා යෝජක අනුග්‍රාහකයින් අතර රැකියාවක් මාරු කිරීමට අදාළ අවසර ලත් කාලය දින 60 ත් 90 ත් අතර සිට දින 180 දක්වා දීර්ඝ කිරීමට ද මෙම යෝජිත නීති හරහා මධ්‍යම රජය සූදානම් වනවා.

(SBS)

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »