Search

ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ?

ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

රැකියා ස්ථාන – පාසල් සහ නිවාස යන සියල්ල එහිදී දැඩි බලපෑමකට ලක්වනු ඇති බව සඳහන්.

පසුගිය සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් ආසාධිතයන් 36,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබුණා.

නිවු සවුත් වේල්ස් හි ඇතැම් අධ්‍යාපන ආයතන නැවතත් දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙල වෙත යොමුවීමට පටන්ගෙන ඇත්තේද මේ හේතුවෙනුයි.

මීට අමතරව ඉන්ෆ්ලුවන්සා සහ ශ්වසන අපහසුතාවයක් වන RSV වෛරසයද ශීත සෘතුවේදී සීඝ්‍රයෙන් ව්‍යාප්ත වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එබැවින් නිසි පරිදි එන්නත්කරණ වැඩපිළිවෙලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ අඛණ්ඩව ජනතාවට දන්වා සිටිනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »