ජනමත විචාරණය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

අදාළ යෝජනාව පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදීම සහ දුර්මත තුරන් කිරීමයි එහි අරමුණු වන්නේ.

භාෂා කිහිපයකින් ක්‍රියාත්මක වන වෙබ් අඩවියක්ද (voice.gov.au) මේ වෙනුවෙන්ම එළිදක්වා තිබෙනවා.

ලිබරල් සන්ධානය මෙන්ම නැෂනල්ස් පක්ෂයද මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් පවසා තිබීම හමුවේ මහජනතාව අතර පවතින වැරදි මත නිවැරදි කිරීමයි එහි අරමුණු වන්නේ.

එමෙන්ම ජනමත විචාරණයට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ පැහැදිලි කරගත යුතු ඕනෑම කරුණක් පිළිබඳ විමසීම් සිදුකිරීමටද ඒ යටතේ අවස්ථාව උදාවනවා.

ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව බොහෝදුරට ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »