සිඩ්නි එන මෝදි පිළිගන්න දැවැන්ත උත්සවයක්

ලබන සතියේදී සිඩ්නි නගරයට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉන්දියානුවන් විසින් දැවැන්ත පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

පැය 03 කට ආසන්න කාලයක් පුරා දිවෙන නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් සංදර්ශනයක්ද ඊට අයත්.

සිඩ්නි ඔලිම්පික් පාර්ක් හිදී පැවැත්වෙන මෙම උත්සවය සඳහා 20,000 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

මෙම උත්සවයට සහභාගීවීම සඳහා වෙනත් නගරවල සිටින ඉන්දියානුවන් විසින් වෙනම කුළී ගුවන් යානා පවා වෙන් කරවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ක්වඩ් රාජ්‍ය නායක සමුලුව ලබන 24 වනදා සිඩ්නි නුවරදී ආරම්භවීමට නියමිත වුවද ජපාන අගමැතිවරයා සහ අමෙරිකා ජනාධිපතිවරයා ඊට නොපැමිණිම හමුවේ එම සමුලුව අවලංගු කිරීමටයි අගමැති ඇන්තනී ඇල්බනීස් පියවර ගනු ලැබුවේ.

එහෙත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියමිත පරිදි මෙරටට පැමිණෙනු ඇති.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »