Search

විපක්ෂ නායකගේ Jobseeker යෝජනාවට බහුතරයකගේ අප්‍රසාදය

Jobseeker දීමනාව සම්බන්ධයෙන් විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාව සාර්ථක නොවන බවට සමීක්ෂණයකදී බහුතරයක් පවසා තිබෙනවා.

Jobseeker දීමනාව සති 02 කට ඩොලර් 40 කින් ඉහළ නැංවීමටයි මෙවර අයවැයෙන් ෆෙඩරල් රජය යෝජනා කරනු ලැබුවේ.

කෙසේවෙතත් ඒ වෙනුවට රැකියා කල හැකි පැය ගණන ඉහළ දැමීම සහ ඊට අදාළ කප්පාදු නතර කරන ලෙසයි විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් යෝජනා කර ඇත්තේ.

දැනට පවතින නීතිය අනුව කිසියම් Jobseeker දීමනා ලාභියෙකු හෝ සහකරු සති 02 කට ඩොලර් 150 ට වඩා උපයන්නේ නම් දීමනා කප්පාදුවක් බලාත්මක වනවා.

එබැවින් ඔවුන්ට සතියකට අමතර පැය 05 ක් හෝ සති 02 කට පැය 10 ක් අමතර සේවය කිරීමට අවසර දෙන්නැයි විපක්ෂ නායකවරයා විසින් රජයෙන් ඉල්ලා සිටියා.

එහෙත් එම යෝජනාවට බහුතරයක් සහය පළනොකරන බවයි නවකම සමීක්ෂණ වාර්තාවක දක්වා ඇත්තේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »