
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය නැවතත් ඉහළගොස් තිබෙනවා.
මාර්තු මාසයේදී එය සියයට 3.5 ක් ලෙස පැවති නමුත් අප්‍රේල් මාසයේදී සියයට 3.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානුවන් 4,000 කට පමණ රැකියා අහිමිවී ඇති අතර තවත් 18,000 ක් පමණ රැකියා විරහිත තත්වයට අලුතින් එකතුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙරට රැකියා විරහිතභාවය තවමත් පවතින්නේ පසුගිය වසරේ ජූලි මාසයේ පැවති උච්චතම අගයට වඩා අඩුවෙනුයි.
මාසික රැකියා පැය ගණනද පසුගිය මාසයේදී සියයට 2.6 කින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ෆෙඩරල් සංචිත බැංකු වාර්තා අනුව ලබන වසරේ අගභාගය වනවිට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 4.5 ක් වැනි ඉහළ අගයකට වැඩිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.