මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් යානය මත්තලට / මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට

මෙල්බන් සිට ඊයේ පස්වරුවේ ගුවන්ගතවී කටුනායක දක්වා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වීම හමුවේ මගීන් දැඩි දුෂ්කරතාවයට පත්වී තිබෙනවා.

අයහපත් කාළගුණය හමුවේ මෙලෙස මාර්ගය වෙනස් කිරීමට සිදුවූ බවත් යානයෙහි ඉන්ධන අවසන්වීම හමුවේ මත්තල සිට කටුනායක දක්වා පැමිණීමට හැකියාවක් නොමැති බවත් මගීන්ට දැනුම් දී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව යානයෙන් පිටතට පැමිණි තමන් මෙමගින් දැඩි දුෂ්කරතාවයකට පත්වූ බවයි AusLanka TV සහ AusLanka Radio වෙත අදහස් දැක්වු ගුවන් මගීන් අවධාරණය කලේ.

අති විශාල මුදලක් ගෙවා කුලී රථ වෙන් කරවා ගනිමින් සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට මගීන්ට සිදුවී තිබුණා.

එසේ නොහැකිවූ මගීන් පුද්ගලික ලේලන්ඩ් බස් හරහා කොළඹට රැගෙන ඒමටයි මත්තල ගුවන් තොටුපළ බළධාරීන් කටයුතු යොදා ඇත්තේ.

එමගින් විශේෂයෙන් වයෝවෘද්ධ ගුවන් මගීන් දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

මේ අතර කටුනායකට පැමිණ වෙනත් රටවල් වෙත යාමට සිටි විදෙස් ජාතිකයන් රැසක්ද මෙමගින් දුෂ්කරතාවයකට පත්වූ බවයි AusLanka TV සහ AusLanka Radio වෙත අදහස් දැක්වු ගුවන් මගීන් ප්‍රකාශ කලේ.

මීට දින කිහිපයකට පෙරද මෙල්බන් සිට කොළඹ පැමිණීමට නියමිතවූ ගුවන් යානයක් පැය 30 ක් පමණ ප්‍රමාදවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන තිබුණා.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »