ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ඔන්ලයින් මත්පැන් අලෙවි සේවාවක් බිඳවැටේ

ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ඔන්ලයින් මත්පැන් අලෙවි සේවාවක් වන බූස්බඩ් (BoozeBud) හි ව්‍යාපාර කටයුතු අඩාල වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වත්මන් ආර්ථික තත්වය හමුවේ බංකොළොත් තත්වයක් ප්‍රකාශයට පත්කල නවතම සිල්ලර අලෙවි ජාලය බවට ඔවුන් පත්වනවා.

පසුගිය අගහරුවාදා සිට බලාත්මක වන පරිදි ඇණවුම් භාර ගැනීමද අත්හිටුවා ඇති බවයි BoozeBud අද නිවේදනය කලේ.

2014 වසරේදී බියර් බඩ් (BeerBud) යන නමින් සේවා ආරම්භ කල මෙම සේවාව 2016 වසරේදී ලෙස නම් කෙරුණා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉදි කිරීම් – අවන්හල් සහ සිල්ලර අලෙවි යන ක්ෂේත්‍රවල ව්‍යාපාර ගණනාවක් මේ වනවිට සිය ව්‍යාපාර කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »