T20 ලෝක කුසලානයට එක් වන විනිසුරුවරුන් සහ තීරකවරුන් අතර ලංකාවේ දෙදෙනෙක්

2024, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් කුසලානයට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම් කර තිබෙනවා.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.

මේ සඳහා නිලධාරින් 26 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.

තරග විනිසුරුවරුන් 20 දෙනෙකු සහ තරග තීරකවරුන් 06 දෙනෙකු මෙලෙස නම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග 55ක් ඇතුළත්.

මෙය දින 28ක් පුරා ක්‍රීඩාංගණ 09ක පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.

මෙහි දී 2023 වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන දිනාගත් රිචඩ් ඉලවිංවර්ත්, කුමාර ධර්මසේන, ක්‍රිස් ගැෆ්නි සහ පෝල් රයිෆිල් යන අය ඊට ඇතුළත්.

හය දෙනෙකුගෙන් සමන්විත තරග තීරකරුවන්ගේ කණ්ඩායමට රංජන් මඩුගල්ල ඇතුළත්ව සිටීමත් විශේෂත්වයක් වනවා.

 

විනිසුරුවරුන්: Chris Brown, Kumar Dharmasena, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Allahudien Paleker, Richard Kettleborough, Jayaraman Madanagopal, Nitin Menon, Sam Nogajski, Ahsan Raza, Rashid Riaz, Paul Reiffel, Langton Rusere, Shahid Saikat, Rodney Tucker, Alex Wharf, Joel Wilson and Asif Yaqoob

තරග තීරකවරුන්: David Boon, Jeff Crowe, Ranjan Madugalle, Andrew Pycroft, Richie Richardson and Javagal Srinath

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »