
ඔස්ට්‍රේලියාවේ Aged care මධ්‍යස්ථානවල සිටින නේවාසික රැඳවියන් ලක්ෂ 03 කට ආසන්න පිරිසෙන් සියයට 70 ක් පමණ ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම සමස්ත රට පුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 04 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.
ඉදිරි වසර 10 සඳහා ජාතික ඩිමෙන්ෂියා ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමිනුයි සිටින්නේ.

ඒ යටතේ ඉදිරි වසර 04 සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 66 ක ප්‍රතිපාදන අපේක්ෂා කරන බව ජාතික ඩිමෙන්ෂියා මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඉදිරි වසර 30 තුළදී මෙරට සිටින ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැනට ඔස්ට්‍රේලියාවේ මරණවලට බලපාන ඉහළම දෙවන හේතුව බවටද එය හඳුනාගෙන ඇති අතර දැනට පළමු ස්ථානයේ පසුවන හදවත් රෝග අභිබවා එය ඉතා නුදුරේදී ප්‍රථමස්ථානයට පැමිණෙනු ඇති බවද සඳහන්.
ඔස්ට්‍රේලියාවේ කාන්තා මරණ අතුරින් වැඩි සංඛ්‍යාවකට හේතුව ලෙස සැළකෙන්නේද ඩිමෙන්ෂියා රෝගී තත්වයයි.