අඩුවෙන් පඩි ගෙවූ සිඩ්නි අවන්හල් රැසකට වැඩ වරදී

සිඩ්නි නගරයේ අවන්හල් අතුරින් සැළකිය යුතු සංඛ්‍යාවක් සේවකයන්ට නිසි පරිදි වැටුප් නොගෙවන බවට Fair work කොමිසම විසින් සිදුකල ගවේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ව්‍යාපාරික ස්ථාන 47 ක් පිළිබඳ සිදුකල විමර්ශනයකදී එයින් සියයට 77 ක් පමණ නියමිත වැටුප් ගෙවා නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඒ අනුව සමස්තයක් ලෙස එම ආයතන 47 හි පමණක් සේවකයන් 333 දෙනෙකුට වැටුප් ගෙවා ඇත්තේ අඩුවෙන් බව හෙළිකරගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ඉතා අඩු වයස්වල පුද්ගලයන් බවයි පැවසෙන්නේ.

සිඩ්නි නගරයට අමතරව බ්‍රිස්බන් – මෙල්බන් – හෝබාට් සහ පර්ත් නගරවලද මීට සමාන පරීක්ෂා සිදුකර ඇති අතර ඒ අනුව ඩොලර් 240,000 කට ආසන්න දඩ පණවා ඇති බවයි Fair work කොමිසම නිවේදනය කලේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »