
ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකගේ දත්ත සොරාගනු ලැබූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කල කමිටුව ලබාදුන් නිර්දේශ සියල්ල මෙඩිබෑන්ක් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.
සිය පරිඝණක පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඉදිරි ක්‍රියාමාර්ග ගණනාවක් ඒ අතර වනවා.
කෙසේවෙතත් ආරක්ෂක හේතු මත සියලුම නිර්දේශ කවරේද යන්න මෙඩිබෑන්ක් විසින් මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය හරහා ගණුදෙනුකරුවන් මිලියන 9.7 කගේ පමණ දත්ත අනවසර පිවිසීමකට ලක්ව ඇති බවටයි අනාවරණය වූයේ.
උපන්දින – Medicare අංක ඇතුලු අතිශය සංවේදී දත්ත ඒ අතර වුණා.

ඒ අනුවයි මින් ඉදිරියට මෙවැන්නක් සිදු නොවීම පාදක කරගෙන අනුගමනය කල යුතු නිර්දේශ ලබාදීම සඳහා අදාළ සමාලෝචන කමිටුව පත් කරනු ලැබුවේ.